28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමී හරක් කුලප්පු වීම නිසා දරුවන් 05ක් රෝහලට

මී හරක් කුලප්පු වීම නිසා දරුවන් 05ක් රෝහලට

මීහරක් රංචුවක් පැන්නීම නිසා තුවාල ලැබූ දරුවන් 05 දෙනෙක් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ හල්දුම්මුල්ල, බත්ගොඩදී අද (11) අලුයම පාසල් එමින් සිටි දරුවන් පිරිසකට මෙලෙස මීහරක් රංචුවක් ඇන ඇති බවයි.

හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහ විදුහලට එමින් සිටි සිසුන් පස් දෙනෙකුටයි මෙම අකරතැබ්බය සිදු වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ බත්ගොඩ මංසන්ධියේ සිට විදුහලට පාගමනින් එමින් සිටියදී පුද්ගලයෙකු විසින් දක්කාගෙන ආ මීහරක් කුලප්පු වී දරුවන් පසුපස පන්නා ඇති බවයි.

තුවාල ලැබූ දරුවන් ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.