― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆාස්ටර් ජෙරම්ගේ පෙර වැරදි නැහැ - CIDය කියයි

ෆාස්ටර් ජෙරම්ගේ පෙර වැරදි නැහැ – CIDය කියයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හා පවුලේ සාමාජිකයන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව කිසිදු පෙර වැරදි වාර්තා නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශයක් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගැනීමට පෙර ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු මෙරටින් පළා ගියේය.

ඒ අනුව ඔහුට හෝ පවුලේ අයට මුදල් විශුද්ධිකරණ චෝදනාවන් යටතේ නීතිමය පියවර ගැනීමට නොහැකි බව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඇරඹී මෙම විමර්ශනයෙන් මත්ද්‍රව්‍ය චෝදනා, මුදල් වංචා චෝදනා, මිනීමැරුම්, මංකොල්ලකෑම් හා නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධ චෝදනා එල්ල වී ඇත්දැයි පෙර වැරදි වාර්තා කැඳවා තිබිණි. ඒ අනුව කිසිදු ඒකකයකින් මොහුට විරුද්ධව චෝදනා එල්ල වී නොමැති බව අනාවරණය කර ඇත.