28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2022 ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට

2022 ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් කියා සිටියේ මේ මස 21 වැනිදා දක්වා මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

2022 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.

පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 06 වැනිදායින් අවසන් විය.