32.8 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආහාර වේලක් නිසා ගුවන්යානයක් ආපසු හරවා එයි

ආහාර වේලක් නිසා ගුවන්යානයක් ආපසු හරවා එයි

ව්‍යාපාරික පන්තියේ මගියෙකුට අවශ්‍ය වූ ආහාර වේලක් නොතිබීම හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ යුනයිටඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් චිකාගෝ වෙත හරවා එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන්යානය එක්සත් ජනපදයේ හූස්ටන් සිට ඇම්ස්ටර්ඩෑම් වෙත ගමන් කරමින් සිට ඇති අතර එම යානය තුළ සිටි මගියෙකුට අවශ්‍ය වූ ආහාර වේලක් යානයේ නොතිබීම නිසා ඔහු ගුවන් ගමනට බාධා කිරීමත් සමග මෙම යානය නැවත හැරවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ගුවන් යානය පැය තුනකට වඩා ප්‍රමාද වී ඇම්ස්ටර්ඩෑම් වෙත ගොඩ බස්සවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.