28 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතිය මත් කර, හදි කළ පෙම්වතා සොයා මෙහෙයුම්

පෙම්වතිය මත් කර, හදි කළ පෙම්වතා සොයා මෙහෙයුම්

වයස අවුරුදු 20ක් වන තරුණියකට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට පෙළඹවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ තරුණියගේ මව ඇතුළු ඥාතීන් තරුණියද සමග වැලිපැන්න පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම තරුණියගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි අයෙකු අවස්ථා ගණනාවකදී මෙලෙස ඇයට මත්ද්‍රව්‍ය පානයට ලබාදී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු මාස ගණනාවක සිට මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටි බව සඳහන්.

තමාව විවිධ ස්ථානවලට රැගෙන ගොස් පෙම්වතා ද හෙරොයින් පානය කර තමාටද මත්ද්‍රව්‍ය පානයට හුරු කර ඇති බවටයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ. මෙලෙස තරුණියට මත්ද්‍රව්‍ය ලබාදී මත්වීමෙන් පසු ලිංගික හිංසන සිදු කරන බවටයි ඇය පවසා ඇත්තේ.

මෙම කරුණු සැලකිල්ලට ගත් පොලිසිය සිද්ධියට මුහුණ දුන් තරුණිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇය මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි.

ප්‍රදේශයෙන් පළා ගොස් සිටින සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.