28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුජීව සේනසිංහගේ නිවස හොරු බිඳියි

සුජීව සේනසිංහගේ නිවස හොරු බිඳියි

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අයත් නිවසක් හොරු බිඳ ඇති බව මහනුවර පොලීසිය පවසයි.

මෙලෙස හොරු බිඳ ඇත්තේ මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති ඔහුට අයත් නිවසක් වන අතර ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පොලීසියට පැමිණිලි කර ඇත්තේ මුදල්වලට අමතරව රන් බඩු, මුදල් සහ මෝටර් රථ බැටරියක්ද වන බවයි.

නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන නමුත් නිශ්චිතවම ඒ කවුරුන්දැයි කියා මෙතෙක් හඳුනාගෙන නැත.