29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසබරගමුවේ ඉරිදා ටියුෂන් තහනම දැඩි කෙරේ

සබරගමුවේ ඉරිදා ටියුෂන් තහනම දැඩි කෙරේ

සබරගමුව පළාත තුළ ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් දී තිබේ.

තමන් උගන්වන පන්තියේ සිසුන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය ද දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුකාරවරයා උපදෙස් දුන් බවයි සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය සඳහන් කළේ.

පළාතේ දහම් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ඉරිදා දිනවල පෙරවරුවේ පෞද්ගලික උපකාරක පන්ති තහනම් කර ඇති අතර මෙම නීති කඩකරන්නේ දැයි සොයා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.