― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෙට සිට දින තුනක් රට පුරා විශේෂ මෙහෙයුමක්

හෙට සිට දින තුනක් රට පුරා විශේෂ මෙහෙයුමක්

නිවාස, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (13) සිට දින තුනක් දිවයින පුරා ක්‍රියාත්මකයි.

මෙය සඳහා යුද හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් පැවැත්වේ.

ගතවූ මස හය තුළ දිනපතා ඩෙංගු රෝගීන් 400 ඉක්මවා වාර්තා වුවත් මේ වනවිට දෛනිකව වාර්තා වන්නේ ඩෙංගු රෝගීන් 200 ක් පමණ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට හේතුව ඩෙංගු පාලනය කිරීම බව ද මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 51,768 ක් වාර්තා වන අතර ඩෙංගු මරණ 32 ක් දක්වා වැඩි වී ඇති බවත් ඒ මහතා කියා සිටියා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 48 ක් අධි අවදානම් කොට්ඨාස බවත් 25,835 ක් ලෙස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් පැවසූ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, මීට අමතරව මහනුවර, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව පැවසුවා.