― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsToyota වාහන දහස් ගණනක් නැවත කැඳවයි

Toyota වාහන දහස් ගණනක් නැවත කැඳවයි

Toyota මෝටර් රථ දහස් ගණනක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට එම සමාගම තීරණය කර තිබේ.

‍Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇති අතර අදාළ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බවයි.

Toyota සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂා කරගැනීමක් සිදුකරගත යුතු බවත් ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවත්ය.