28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය අගමැති ප්‍රංශයට

ඉන්දීය අගමැති ප්‍රංශයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ තුන්දින නිල විදෙස් සංචාරයක් සඳහායි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ගේ ආරාධනයකට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රංශ සංචාරයට එක්ව ඇත්තේ.

ප්‍රංශයේ ජාතික දිනය හෙවත් ‘බැස්ටිල් දිනය’ හෙටට යෙදී ඇති අතර ඊට සමගාමීව පැවැත්වෙන ජාතික උත්සවයේ ගෞරවනීය සහභාගීත්වය වෙනුවෙන් ආරාධනා හිමිව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාටයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.