― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඉන්දියාව චන්ද්‍රයාන් 3 සඳට යවයි

ඉන්දියාව චන්ද්‍රයාන් 3 සඳට යවයි

ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් චන්ද්‍රයාන් 3 යානය අද (14) පස්වරුවේ චන්ද්‍රයා වෙත පිටත්කර යවනු ලැබුවා.

චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමත් සමඟ සඳ මතට යානයක් ගොඩ බැස්වීමට පියවර ගත් සිව්වන රට ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ. සංස්කෘත භාෂාවෙන් ‘සඳ වාහනය’ යන අරුත දෙන චන්ද්‍රයාන්, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සවස 2:30 ට පමණ අභ්‍යවකාශ ගත කෙරුණා.

ඉතිහාසගත වන මෙම අවස්ථාව නැරඹීමට විශාල පිරිසක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැස් ව සිටි අතර මිලියනයකට අධික පිරිසක් යූ ටියුබ් ඔස්සේ එම අවස්ථාව නරඹා තිබෙනවා. ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානය අගෝස්තු 23, 24 පමණ වන විට චන්ද්‍රයා වෙත ළඟාවීමට නියමිත බව අභ්‍යවකාශ බලධාරීන් ප්‍රකාශ කළා.

මෙහෙයුම් සාර්ථක වුවහොත් එක්සත් ජනපදයට, පැරණි සෝවියට් සංගමයට සහ චීනයට පසු සඳ මත ගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති. ඉන්දියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහනෙහි තෙවැන්න වන චන්ද්‍රයාන්-3, මෙහෙයුම සිදුවන්නේ 2008 දී දියත්වූ පළමු ඉන්දියානු චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 13කට පසුව යි.

පළමු මෙහෙයුම මගින් සඳ මතුපිට ජලය සෙවූ සහ වඩාත් සවිස්තරාත්මක මෙහෙයුම මෙන්ම දිවා කාලයේ දී ද සඳට වායුගෝලයක් ඇති බව ද තහවුරු කර ගත් බවයි චන්ද්‍රයාන්-1හි ව්‍යාපෘති අධ්‍යක්ෂ මයිල්ස්වාමි අන්නදුරෙයි ප්‍රකාශ කළේ. ප්‍රථම චන්ද්‍ර ගවේෂණ යානය වන චන්ද්‍රයාන්-1 සඳ වටා කක්ෂගත වූ අතර පසුව 2008 දී එය සඳ මතුපිටට කඩා වැටුණා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් වැඩි දියුණු කරන ලද චන්ද්‍රයාන්-3 යානය ගොඩබෑමක්, ප්‍රචාලන මොඩියුලයක් සහ රෝවරයකින් සමන්විතයි. එහි අරමුණ වන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මත ආරක්ෂිතව ගොඩබැසීම, දත්ත රැස් කිරීම සහ සඳෙහි සංයුතිය පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් පැවැත්වීමයි.

ඕබිටරයක්, ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත වූ චන්ද්‍රයාන්-2, 2019 වසරේ ජූලි මාසයේ දී දියත් කෙරුණු නමුත් එය අත්කර ගත්තේ අසම්පූර්ණ සාර්ථකත්වයක්.
අදටත් එහි ඕබිටරය සඳ අධ්‍යයන කරමින් එය වටා භ්‍රමණය වුව ද ගොඩබෑමක් සිදු කිරීමට අපොහොසත්වූ ලෑන්ඩරය හා රෝවරය ගොඩබෑමේදී විනාශ වුණා. එසේ සිදුවූයේ ‘අවසන් මොහොතේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයකින්’ බවයි අන්නදුරෙයි පැහැදිලි කළේ.