27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඕස්ට්‍රේලියාවේ මහබැංකු අධිපති ධුරයට කාන්තාවක්

ඕස්ට්‍රේලියාවේ මහබැංකු අධිපති ධුරයට කාන්තාවක්

ඕස්ට්‍රේලියානු මහබැංකුවේ අධිපතිනිය ලෙස මිචෙල් බුලොක් පත් කර තිබේ.

එම ධුරයට කාන්තාවක් පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පිලිප් ලොවි විසින් මීට පෙර වසර 7ක් මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඕස්ට්‍රේලියාව ඉහළ උද්ධමන අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක මෙලෙස තනතුරුවල වෙනසක් සිදුකර තිබීම විශේෂත්වයකි.

මිචෙල් බුලොක් නව ධුරයට පත්වීමට පෙර නියෝජ්‍ය මහබැංකු අධිපතිනිය ලෙස කටයුතු කරනු ලැබිය.