― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකලා විෂය හැදෑරු අයටත් හෙද සේවයට අවස්ථාව

කලා විෂය හැදෑරු අයටත් හෙද සේවයට අවස්ථාව

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී යි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු සාකච්ඡා කිරීමේ රැස්වීමකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවට ඖෂධ ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදු නොවන බවට සහ ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනකට ලබා ගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය සහ දිනකට එක් එක් රෝහලෙහි පවතින ප්‍රමාණය සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

ජාලකරණ පද්ධතිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමට ද කටයුතු සැලසුම් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂයයන් සඳහා සුදුසුකම් ඇති අය පුහුණුව සඳහා ද සලකා බලන පරිදි රෙගුලාසි වෙනස් කළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සහ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව දීර්ඝ කරන ලෙසටයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේ.