27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගලපිටමඩ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පාතාල සාමාජිකයෙක්

ගලපිටමඩ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පාතාල සාමාජිකයෙක්

නිට්ටඹුව – ගලපිටමඩ ප්‍රධාන මාර්ගයේ දුනුමාල කෝවිල අසළදී කැබ් රථයක් තුළ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාතාල සාමාජිකයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

දුනුමාලගේ සරත් වේරගොඩ නැමැති මෙම පුද්ගලයා අද (14) උදෑසන මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණා.

41 හැවිරිදි වියේ පසු වූ මෙම තැනැත්තා රබර් වත්තක මුරකරුවෙක් ලෙස සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.