― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsතම දියණිය අඹුකමට ගත් පියාට වසර 17ක සිර දඬුවමක්

තම දියණිය අඹුකමට ගත් පියාට වසර 17ක සිර දඬුවමක්

තම දියණියට ලිංගික අතවර කළ බව කියන පියෙකුට කිළිනොච්චිය මහාධිකරණය වසර 17ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබේ.

2013 වසරේ කිලිනොච්චිය නගරයට ආසන්න ප්‍රදේශයේ පිහිටි නිවසකදී වයස අවුරුදු දහයක් වූ සිය දියණියට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට එරෙහිවයි ඊයේ (13) මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

දැරියගේ මව විසින් කිළිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තම සැමියා වසර දෙකක කාලයම් සිය දියණියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කොට ඇති බවයි.

ඒ අනුවයි පියා අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එම නඩුව මහාධිකරණයේ විභාගයට ගැනීමෙන් පසුව ඉදිරිපත් වූ සියළුම සාක්ෂිවලින් දැරියගේ පියා වැරදිකරු බව ඔප්පු වීමෙන් පසුවයි මෙම සිර දඩුවම නියම කර ඇත්තේ.

ඊට අමතරව විත්තිකරුට රුපියල් දසදහසක රජයේ ගාස්තුවක් ගෙවන ලෙසද දැරියට වූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසද අධිකරණය නියම කළේය. කෙසේනමුත් ඔහු එම මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් සිර දඩුවම තවත් වසර දෙකකින් වැඩි වන බවයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.