26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදළඳා පෙරහැරේ විදුලි බිල ගැන ලංවිමෙන් දියවඩන නිළමෙට දැනුම්දීමක්

දළඳා පෙරහැරේ විදුලි බිල ගැන ලංවිමෙන් දියවඩන නිළමෙට දැනුම්දීමක්

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් විදුලි ආලෝකය සඳහා වැයවන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිළමේවරයා වෙත දැනුම් දී තිබෙනවා.

අගෝස්තු මස 21 සිට 31 දින දක්වා මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමට නියමිත අතර, විදුලි ආලෝකකරණ කටයුතු සඳහා වැයවන ඇස්තමේන්තු ගත මුදල කලින් දක්වා තිබීම විශේෂත්වයක්.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) ඒ.එච්.එම්.එස්.එච්. අබේරත්නගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් වෙත යොමු කර තිබෙනවා.

ඒ, අනුව ඇස්තමේන්තුගත එම මුදල් ‘සාමාන්‍යඅධිකාරි විදුලිබල මණ්ඩලය’ නමින් ලියන ලද චෙක්පතක් මඟින් ගෙවන ලෙසට ද එම ලිපි මඟින් දන්වා තිබීම ද විශේෂත්වයක්.

04 1