27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගල්කිස්ස සිට කන්කසන්තුරේට සුඛෝපභෝගි දුම්රියක්

ගල්කිස්ස සිට කන්කසන්තුරේට සුඛෝපභෝගි දුම්රියක්

අගෝස්තු මස පළමු වනදා සිට ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

සෑම සතියකම කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දිනපතා ධාවනය වන දුම්රිය 6ට අමතරව මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

මෙම දුම්රිය ගල්කිස්සෙන් රාත්‍රී 10.00ට පිටත් වන අතර එහි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 4000ක් බව ඔහු ප්‍රකාශ කළා.