22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබදුල්ලේ පාසලක් තුළ ගව ඝාතකාගාරයක්

බදුල්ලේ පාසලක් තුළ ගව ඝාතකාගාරයක්

බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අද (16) වටලා තිබෙනවා.

එහිදී සැකරුවන් හතරදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, ඝාතනය කළ එළගවයින් හතර දෙනෙකුගේ මස් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී මස් සඳහා ඝාතනය කිරීමට සූදානම් කර තිබූ වසු පැටියෙක් ද සොයාගැනීමට හැකිව ඇති අතර, මෙම නීති විරෝධී ගව ඝාතකාගාරයෙන් බදුල්ල නගරයේ ගවමස් වෙළෙඳසල්වලට මස් සපයා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැලිමඩ, බෝගහකුඹුර, බණ්ඩාවෙල, හාලිඇල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අදාළ අරාබි පාසලේ අරක්කැමියා ද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

බදුල්ල විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබෙනවා.