27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට රැකියා නැති අයට සෞදියේ අත හිත

මෙරට රැකියා නැති අයට සෞදියේ අත හිත

සෞදි අරාබි රාජ්‍යයේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව සෞදි අරාබියානු රජයේ අනුග්‍රහය ඇතිව අරඹා තිබේ. තෝරාගත් වෘත්තීන් 23 කට අදාළව සෞදි අරාබියේ රැකියාව දීමේ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගිවිසුමක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපතිවරයා අතර පසුගියදා අත්සන් කෙරිණ. මෙම ගිවිසුම පසුගිය 11 වැනිදා සිට බලාත්මක බව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ ඒ ලලිතධීර පැවසීය.

මොරටුව ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ඔරුගොඩවත්ත කොරියන් ලංකා ජාතික වෘත්තිය පුහුණු ආයතනය සහ මොරටුව කර්මාන්ත ඉන්ජිනේරු පුහුණු ආයතනය යන ආයතනවලදී මේ පිළිබඳ නිපුණතා තහවුරු කිරීමේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති බව පවසන එම කොමිෂන් සභාව පරීක්ෂණවලින් සමත්වන වෘත්තිකයන්ගේ සියලු තොරතුරු සවුදි අරාබියානු රාජ්‍ය තොරතුරු පද්ධතියට ඇතුළත් කෙරෙන බවද සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාර්මාන්ත සබඳතා මංජුල විදානපතිරණ මහතාගේ 0714817629 දුරකථන අංකයෙන් හෝ [email protected] යන ඊමේල් ලිපිනයෙන් විමසිය හැක.