28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවාසනාවන්ත ලෙස සිඟිත්තියක් ජීවිතක්ෂයට

අවාසනාවන්ත ලෙස සිඟිත්තියක් ජීවිතක්ෂයට

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කුලියපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති මාස 04ක කුඩා බිළිඳිය මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස අවාසනවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය, ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි නිම්නදී සේනානායක නැමැති බිළිඳියක්. මෙම බිළිඳිය ඊයේ (16) සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍යව කුලියාපිටිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ වනවිටත් බිළිඳිය අවාසනාවන්ත ලෙස මියගොස් සිට ඇති බවයි ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ. මෙම බිළිඳියට පසුගිය 15 වැනිදා හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් දරුවන්ට මා 0ස4 කදී ලබාදෙන එන්නත ලබාදුන් බව ඇයගේ මව්පියන් රෝහලේ වෛද්‍යවරුන් හමුවේ පවසා තිබෙනවා.

බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.