27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපොලිසියේ මතට ඇබ්බැහි වු නිලධාරීන් සොයන්න බුද්ධි නිලධාරීන් යොදවයි

පොලිසියේ මතට ඇබ්බැහි වු නිලධාරීන් සොයන්න බුද්ධි නිලධාරීන් යොදවයි

මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දු පවසයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වනවා.

පොලිසිය තුළ මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇත්තේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පමණක් බවත්, ආධුනික උප පොලිස් පරීක්ෂකවරුක් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත් පිරිස අතර සිටි බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ නිලධාරීන් හසුවන්නේ බස්නාහිර පළාත තුළ බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර යුද හමුදාව තුළ ද අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හැහිවුවන් වැඩි වශයෙන් සිටින බවට වාර්තා වී ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.