28 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය නගරයේ කෘත්‍රිම වෙරළ නැරඹීමට 3000ක්

වරාය නගරයේ කෘත්‍රිම වෙරළ නැරඹීමට 3000ක්

කොළඹ වරාය නගරයේ අලුතින් ජනතා අයිතියට පත් කළ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මේ දක්වා 3000ක පමණ පිරිසක් පැමිණ ඇති බව කොළඹ වරාය නගර පාලන අධිකාරිය පවසයි.

පෙරේදා (15) දිනයේදී මෙම කෘත්‍රිම වෙරළ තීරය මහජනතාව සඳහා විවෘත කළ අතර ඊයේ (16) රාත්‍රි 9 දක්වා කාලය තුළ මෙම පිරිස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා වෙරළ ක්‍රීඩා, ජල ක්‍රීඩා, අවන්හල් මෙන්ම සාප්පු සංකීර්ණ අත්දැකීම්ද ලබා ගත හැකි පරිදි සේවා ජාලයක් මෙහි ක්‍රියාත්මක අතර මෙම කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව සළසා දී ඇත්තේ
කිසිදු ගාස්තුවක් අයකිරීමකින් තොරවයි.