27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනංජයගෙන් ශතකයක්

ධනංජයගෙන් ශතකයක්

පාකිස්ථාන සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 312ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම එම තත්ත්වයට ගෙන ඒමට තනිව සටනක නිරත වූ ධනංජය ද සිල්වා ලකුණු 122ක් රැස් කළා. ධනංජය අද වාර්තා කළේ සිය දසවන ටෙස්ට් ශතකයයි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් රැස්කළ අතර සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ලකුණු 36ක් රැස් කළා. පන්දු යැවීමේදී නසීම් ෂා සහ ෂහීන් ෂා අෆ්රිඩි ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

තරගයේ දෙවන දිනය අදයි.