25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

ඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් අද (18) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී යම් ගාස්තු සහනයක් ලබාගැනීම පිළිබද විශේෂ අවධානයක් යොමු කරනු ඇති.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

දළදා මාලිඟාව, සතර මහා දේවාල මෙන්ම නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙනුයි දළදා මාලිඟා පරිශ්‍රයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 90ක් වන අතර මෙවර එය රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූ නවදහසක් දක්වා වැඩිවී ඇති බවයි දියවඩන නිළමේවරයා පවසන්නේ.