26.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ ගැටලුව සෙවීමටත් නව කමිටුවක්

ඖෂධ ගැටලුව සෙවීමටත් නව කමිටුවක්

ඖෂධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

පසුගිය දින කිහිපය පුරාම එන්නත් ලබාදීමෙන් අනතුරුව සිදු වූ සැකකටයුතු මරණ සහ අසාත්මිකතා පිළිබඳ සිද්ධි කිහිපයක් රජයේ රෝහල්වලින් වාර්තා වීම හේතුවෙන් මෙම කමිටුව පත් කර ඇත.

මෙම කමිටුවේ සභාපතීත්වය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් දරණ අතර මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, ආචාර්ය සෙනිත ලියනගේ, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස්. එස්. පී වර්ණකුලසූරිය සහ ආචාර්ය ෆිලිප් එච්.ලී එහි සාමාජිකයන් වෙයි.