27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldගුවන් අනතුරකින් පෝලන්තයේ 05ක් ජීවිතක්ෂයට

ගුවන් අනතුරකින් පෝලන්තයේ 05ක් ජීවිතක්ෂයට

පෝලන්තයේ Warsaw ප්‍රදේශයේ ගුවන්තොටුපළකදී කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට සෞඛ්‍ය අමාත්‍ය Adam Niedzielski ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ අවම වශයෙන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Warsaw ප්‍රදේශයේ සිට කිලෝමීටර් 47 ක් දුරින් පිහිටි Chrcynno ගුවන්තොටුපොළේ අනතුර සිදුවූ ස්ථානයට හෙලිකොප්ටර් හතරක් සහ ගිලන්රථ 10 ක් යවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය Adam Niedzielski සිය ට්විටර් සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සෙස්නා 208 යානයක් වන අතර අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුවක් විය හැකි බවටයි සැක පළ කරන්නේ.

කෙසේනමුත් මෙම ගුවන් අනතුරට හේතුව මෙතෙක් තහවුරු කර නොමැත.