25.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩලස් මීළඟ ජනාධිපතිවරණයට

ඩලස් මීළඟ ජනාධිපතිවරණයට

ඉදිරි ජනාධිපතිවරණයේදී නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කිරීමට එම සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඒ සඳහා සහය දීමට සූදානම් ඕනෑ ම කෙනෙකු සමග සන්ධානගත වීමට නිදහස ජනතා සභාව සූදානම් බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පැවසීය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙරට ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය දැරීමට ඉතා සුදුසු අදූෂිත පුද්ගලයෙකු බැවින් ඔහු මෙරට ජනාධිපති ධූරයට පත් කිරීම වෙනුවෙන් විපක්ෂයද එක් විය යුතු බවයි ඔහු සඳහන් කළේ.