23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදළදා වහන්සේ දියවඩන නිළමෙගේ පුද්ගලික දේපළක් නෙවෙයි

දළදා වහන්සේ දියවඩන නිළමෙගේ පුද්ගලික දේපළක් නෙවෙයි

දළඳා වහන්සේ, දියවඩන නිළමේවරයාගේ පෞද්ගලික දේපළක් නොවන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසනවා.

අද (18) දින මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

දියවඩන නිළමේ තනතුර සඳහා පත්වෙන පුද්ගලයාට එම තනතුර දැරිය යුතු කාලය වසර පහක් විය යුතු බවයි මෙහිදී අදහස් දක්වමින් වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් සඳහන් කර සිටියේ.

දළඳා පෙරහැරට මාධ්‍ය ආවරණය අවශ්‍ය නොවන බවට පළකළ අදහසකට ප්‍රතිචාර දක්වමින් උන් වහන්සේ මෙම අදහස් පළකර සිටියා.