29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට (19) දිනයේදී වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. රෝහලේ ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් විසින් දිගින් දිගටම කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හෙට දිනයේ සිදුකරන මෙම වර්ජනයට රෝහල් අධ්‍යක්ෂවරයා වගකිව යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.