28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටිපතියෙක් තරු හෝටලයකදී තරුණියකට හදි කරලා

කෝටිපතියෙක් තරු හෝටලයකදී තරුණියකට හදි කරලා

කොළඹ තරු පහේ හෝටලයකදී තරුණියක දූෂණය කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙක් බවයි පොලීසිය පැවසුවේ.

දූෂණයට ලක්වූ තරුණියද එම ආයතනයේ සේවය කරන අයෙක් බවත් කොළඹ තරු පහේ හෝටලයක ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්, එයට පැමිණෙන ලෙස සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මෙම තරුණියට ද දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

කෝටිපති ව්‍යාපාරිකයාගේ දැනුම්දීම මත තරුණියද එම තරු පහේ හෝටලයට ගොස් ඇත.
සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල් තියා වෙන් කරගෙන තිබී ඇති අතර තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේ දොර වසා, ඇය දූෂණයට ලක්කර ඇති බායි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ තරුණිය විසින් මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කොට්ඨාසයට පැමිණිලි කර ඇති අතර ඒ අනුවයි කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබුවේ.

දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ තරුණිය කැමැත්තෙන් තමා සමග පැමිණි බවයි.