25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදැඩි උණුසුම ගැන ඉතාලියට රතු නිවේදන

දැඩි උණුසුම ගැන ඉතාලියට රතු නිවේදන

යුරෝපයට බලපා ඇති අධික උෂ්ණත්වයත් සමඟ ඉතාලියේ ප්‍රධාන නගර කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ රතු අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊසාන දෙසින් Trieste සිට නිරිත දෙසින් Messina දක්වා නගර 23ක් අවදානම් ලෙස නම් කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එම නිවේදනවල දැක්වෙන්නේ දැඩි උණුසුම නිසා අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට පමණක් නොව සෑම කෙනෙකුටම බලපෑමක් සිදු විය හැකි බවයි.

ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව විජලනය, විඩාව, උෂ්ණ ආඝාතය සහ ව්‍යාකූලත්වය වැනි දැඩි උණුසුම ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව රෝහල්වලට ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව 20% කින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.