32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅග්බෝගේ ප්‍රතිකාරවලට සල්ලි දුන්නා - පවිත්‍රා

අග්බෝගේ ප්‍රතිකාරවලට සල්ලි දුන්නා – පවිත්‍රා

තුවාල ලබා සිටින අග්බෝ ඇතාගේ ප්‍රතිකාර කිරීම්වලට වැය වන මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් තරම් තිබෙන බවත් ඒ අනුව ඇතාට ප්‍රතිකාර කිරීමට අදාළව මූල්‍යමය හෝ ප්‍රතිකාරවල කිසිදු ගැටලුවක් මෙතෙක් මතු වී නොමැති බවත් සඳහන් කළාය.

අග්බෝ ඇතාට තුවාල සිදුව ඇති බව දැනගත් විගසම වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රතිකාර කිරීමට පියවර ගත් අතර මේ වනවිටත් වෛද්‍යවරුන් ඇතාට ප්‍රතිකාර කිරීම අඛණ්ඩව කරන බවත් ඒ අනුව රජයක් ලෙස ඇතා ජීවත් කරවීමට ගත හැකි උපරිම දේ කරන බවයි සඳහන් කළේ.