28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසඳ ගමනට අදට වසර 54යි

සඳ ගමනට අදට වසර 54යි

සඳ ගමනට අදට (20) වසර 54ක් සපිරෙනවා.

සඳ ගමන සඳහා රටවල් 137ක් දායක වූ අතර ආතර් සී. ක්ලාක් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම නිසා ශ්‍රී ලංකාවට ද එම කටයුත්තේදී සුවිශේෂ තැනක් හිමි වූ බව ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන පැවසීය.

1969 ජූලි 20 වැනි දින සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ නීල් ආම්ස්ට්‍රෝන්ය. එහිදී ඔහු ප්‍රකාශ කළේ “මෙය මිනිසකුට කුඩා පියවරක් පමණි. නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි” යනුවෙනි.

මෙම සඳ ගමනට රැගෙන ගිය මෙරට ජාතික කොඩිය, නීල් ආම්ස්ට්‍රොන් ඇතුළු පිරිස මෙරටට ස්තුති කළ ලිපිය, සඳෙන් ලබාගත් පාෂාණ කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැකගත හැකි බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසයි.

ඇපලෝ 11 සිට 17 දක්වා යානාවලින් සඳ මත පා තැබූ ගගනගාමීන් සංඛ්‍යාව 12ක්.