29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිපිටි පාවිච්චිය අතින් ලංකාව වාර්තා අතරට

කිරිපිටි පාවිච්චිය අතින් ලංකාව වාර්තා අතරට

ලෝකයේ වශයෙන් පිටිකිරි භාවිත කරන රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ද පැමිණ ඇති බව පාර්ලිමේන්තුවේ දී අද (21) අනාවරණය වුණා.

මෙම අනාවරණය සිදුකරනු ලැබුවේ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් විසින්.

දියර කිරි සමඟ සාපේක්ෂව පිටිකිරි භාවිත කිරීම පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙරටට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක් දේශීය සපයා ගන්නා බවත්, ඉතිරි 60%ක ප්‍රමාණය විදෙස් රටවලින් ආනයනය කිරීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.