26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම මියගිය පුතුගේ උපාධි සහතිකය ලබාගන්න වේදිකාවට ගොඩ වූ මව

තම මියගිය පුතුගේ උපාධි සහතිකය ලබාගන්න වේදිකාවට ගොඩ වූ මව

යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) පැවති උපාධි ප්‍රධානෝත්සවය එහි පැමිණ සිටි සියල්ලන් සංවේදී කළ අවස්ථාවක් බවට පත් වුණා.

ඒ, අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් උපාධි සම්පූර්ණ කළ තම පුතුගේ උපාධි සහතිකය ලබාගැනීමට මවක් වේදිකාවට ගොඩවීමත් සමඟයි.

යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ ඉගෙනුම ලැබූ හසාන් සාගර දිසානායක සිසුවාගේ උපාධි සහතිකය ලබාගැනීමට ඔහුගේ මව මෙලෙස පැමිණ තිබුණා.

ඒ, උපාධි සම්පූර්ණ කර සිටිය දී සාගර හදිසි අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගොස් සිටීම හේතුවෙන්.

මේ වන විටත් ජීවතුන් අතර නොමැති සිය පුතුගේ උපාධි සහතිකය එම මවට පිළිගන්වනු ලැබුවේ යාපනය විශ්වවිදයාලයේ කුලපති මහාචාර්ය සී. පද්මනාදන් විසින්.

එහිදී මව කඳුළු සලමින් සිය පුතාගේ උපාධි සහතිකය ලබාගත් අතර, එම අවස්ථාව එහි පැමිණි සිටි සියල්ල සංවේදී කළ සිදුවීමක් වුණා.

එම අවස්ථාවේ දී සාගරගේ විශ්ව විද්‍යාල මිතුර මිතුරියන් ද හඬාවැටෙමින් උපාධි සහතිකය ලබාගත් මව වේදිකාවෙන් රැගෙන යාමට කටයුතු කළ ආකාරය දක්නට ලැබුණා.

මැදවච්චිය ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් මෙම විශ්ව විද්‍යාල සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.