― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතලවතුගොඩත් වෙඩි තැබීමක් - එක් අයෙක් ජීවිතක්ෂයට

තලවතුගොඩත් වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

තලවතුගොඩ, වැලිපාරේ නිවසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් දිලුක් රංග පෙරේරා නොහොත් “දිලූවා” නමැති (41) හැවිරිදි පුද්ගලයෙක්.

රාත්‍රී 9.00ට පමණ මෙම පුද්ගලයා නිවසේ කාමරයක රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු කාමරය තුළට පැමිණ මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් හිසට වෙඩි ප්‍රහාර තුනක් තබා පලාගොස් ඇති බවයිඕ වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙලෙස මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සමයං නමැත්තා ගේ සමීපතමයෙකුගේ සහෝදරයෙකු 2016 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයක්.

වෙඩි තැබීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයා රෝහල් ගතකර පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අවට සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.