31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුරලියේ වෙඩි තැබීමක් – “රෝස බට්ටා ” අත්අඩංගුවට

බදුරලියේ වෙඩි තැබීමක් – “රෝස බට්ටා ” අත්අඩංගුවට

බදුරලිය, ලත්පදුර ප්‍රදේශයේ ඊයේ (20) මධ්‍යයම රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් බදුරලිය, මිදලන ප්‍රදේශයේ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති තුවාලකරුගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

වෙඩිතැබිම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර, වෙඩි තැබීමට පැමිණි සැකකරු ගිනිඅවිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලත්පදුර ප්‍රදේශයේ පදිංචි ‘රෝස බට්ටා’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන අයෙක්.