25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනය පහළට

ජුනි මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ ශ්‍රී ලංකා උද්ධමනය 10.8%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව, මෙය 2023 මැයි මාසයේදී වාර්තා වූ 22.1% ක උද්ධමනය හා සැසඳීමේ දී සැලකිය යුතු පහළ යාමක්.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ පැවති 15.8% සිට ජුනි මාසයේදී 2.5% දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ 27.6% සිට ජුනි මාසයේදී 18.3% දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර මෙම මාසය අවසන් වන විට මෙරට උද්ධමනය සියයට හතක තනි ඉලක්කමක් දක්වා අඩුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එමෙන්ම ඊයේ සම්මත වු මහ බැංකු පනත තුළින් තවදුරටත් ස්වාධීනව තීරණ ගැනීමට මහ බැංකුවට ඇති හැකියාව තහවුරු වී මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීම ඉක්මන්වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොළඹ දී අද පැවැති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විශේෂ සංසදයට ප්‍රධාන දේශණය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රී ලාංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයයි මෙය සංවිධාන කළේ.