33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබ්‍රිතාන්‍ය අගමැතිගේ පක්ෂය පරාද වෙයි

බ්‍රිතාන්‍ය අගමැතිගේ පක්ෂය පරාද වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්‍රමුඛ කන්සර්වටිව් පක්ෂය පසුගිය දා පැවැති අතුරු මැතිවරණ තුනෙන් දෙකක් පරාජයට පත්විය.

අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් ,සෙල්බි සහ ඉන්ස්ටි , සමර්ටන් සහ ෆ්‍රෝම් යන ආසන සඳහා අතුරු මැතිවරණ පසුගියදා පැවැත්වූ අතර එහිදී අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් හැර ඉතිරි ආසන දෙක කන්සර්වටිව් පක්ෂය පරාජයට පත් වුවේය.

අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ආසනය වේ.

එහිදී සෙල්බි සහ ඉන්ස්ටි ආසනය කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ අතර සමර්ටන් සහ ෆ්‍රෝම් ආසනය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කළේය.