29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ මාසයේ සංචාරකයින් 90,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට

මේ මාසයේ සංචාරකයින් 90,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට

මෙම ජූලි මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින් 90,000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 89,724ක්.

ජුලි මාසයේ දී ඉන්දියානු ජාතිකයින් 15,330ක් පැමිණ ඇති අතර වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට බවයි වාර්තා වන්නේ.

මේ අතර, සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම මාසයේ ගතවූ කාලය තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 10,184ක් පැමිණ ඇති බවයි.

මේ මාසයේ චීනයෙන් පැමිණෙන සංචාරකයන්ගේ සැලකිය යුතු වැඩි වීමක් ද දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්තා අනුව මේ මාසයේ චීන ජාතිකයින් 5,963 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ජර්මනියෙන් පුද්ගලයින් 5,141ක් සහ රුසියාවෙන් සංචාරකයින් 4,561ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සඳහන්.

ජූනි මාසයේදී සංචාරකයින් 100,388ක් පැමිණි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 714,598ක්.