― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වමත් ආරම්භ පිතිරුවෙකු ලෙස ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා.

ඉන්දියාවට එරෙහිව 2010 වසරේ ජනවාරියේ දී එක්දින තරගයකින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ඇරඹු ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 2088ක්, එක්දින ලකුණු 3194ක් සහ විස්සයි විස්ස පිටියේ ලකුණු 291ක් රැස්කරගෙන සිටියා.

2022 වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු තිරිමාන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර වූයේ නැහැ.