29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය ව්‍යාපාරවලට තවදුරටත් භාණ්ඩාගාර මුදල් වැය කිරීමට නොහැකියි – ශෙහාන් සේමසිංහ

රාජ්‍ය ව්‍යාපාරවලට තවදුරටත් භාණ්ඩාගාර මුදල් වැය කිරීමට නොහැකියි – ශෙහාන් සේමසිංහ

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරනය කරන බවට රජය විසින් ප්‍රසිද්ධ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මේ සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් වෙනම ඒකකයක් පිහිටුවා ඒ වෙනුවෙන් පත්කළ නිලධාරින් විසින් මේ පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරය මඟින් මුදල් වැය කිරීමට නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ඇතිවන ආර්ථික තත්ත්වයන්ට මුහුණ දිය හැකි රාජ්‍ය ව්‍යාපාර නිර්මාණය කිරීමට කටයුතු කරන බව පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී සමාජය තුළ භයංකර චිත්‍රයක් නිර්මාණය කළ බවත් එවැනිම තත්ත්වයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා.

රටේ පැවති දූෂණය හා නාස්තිය පිටුදැකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ද පෙන්වා දී ඇති බවත් ඒ සඳහා වන නීතිමය රාමුව වෙනුවෙන් දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් බව ද අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.