27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබරවා රෝගීන් වාර්තාවීම ඉහළට

බරවා රෝගීන් වාර්තාවීම ඉහළට

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

වුචිරේරියා බැන්ක්‍රොෆ්ට් හා බෘගියා මලායි යන පරපෝෂිතයින් දෙදෙනාගෙන් බරවා රෝගය ව්‍යාප්ත වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවේ.

බෘගියා මලායි යන පරපෝෂිතයා මගින් වාර්තාවී ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 64 % ක් බව ඇය සඳහන් කළා ය.

සුරතල් සතුන් මාර්ගයෙන් ද බරවා රෝගය ව්‍යාප්තවන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.