26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅලුත්වන ට්විටර් නිල ලාංඡනය ගැන එලොන් මස්ක්ගෙන් ඉඟියක්

අලුත්වන ට්විටර් නිල ලාංඡනය ගැන එලොන් මස්ක්ගෙන් ඉඟියක්

ට්විටර් හි නිල ලාංඡනය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ හිමිකරු එලොන් මස්ක් පවසා තිබෙනවා.

ඉතා ඉක්මනින් එම නිල ලාංඡනය වෙනස්වනු ඇති බවයි එලොන් මස්ක් පවසන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා ඇත්තේ “ඉක්මනින් අපි ට්විටර් සන්නාමයට සහ ක්‍රමයෙන් සියලුම කුරුල්ලන්ට සමු දෙන්නෙමු” යනුවෙන්.

එලොන් මස්ක් විසින් මෙම තීරණය ක්‍රියාත්මක කළ හොත් ඔහු විසින් ට්විටර් සමාගම මිලදීගත් පසු එහි සිදුකරන විශාලතම ප්‍රතිසංස්කරණය මෙය වනු ඇති බවයි ඇතැමුන්ගේ මතය වී ඇත්තේ.

මේ අතර ට්විටර් හි නිල ලාංඡනය වන නිල් පැහැති කුරුල්ලා ඉවත්කර අලුතින් ගෙන ඒමට සැරසෙන ලාංඡනය පිළිබඳ ඉඟියක් එලොන් මස්ක් විසින් ලබා දී තිබෙනවා.

ඒ, ඔහු විසින් සිය නිල ට්විටර් ගිණුමට විශේෂිත වීඩියෝවක් එක්කරමින්.

ටෙස්ලා අධිපති මස්ක් පසුගිය වසරේ මෙම සමාජ මාධ්‍ය වේදිකාව මිලදී ගෙන එහි කාර්ය මණ්ඩලයෙන් වැඩි ප්‍රමාණයක් නෙරපා හැරීමෙන් පසු ට්විටර් නැවත නැවතත් තාක්ෂණික දෝෂවලට ලක් වන ආකාරය දැකගත හැකිව වුණා.

ඒ, හේතුවෙන් ආදායම ක්‍රමයෙන් පහත වැටීමත් සමඟ, මෙම සමාජ මාධ්‍ය සමාගම වේදිකාව පුනර්ජීවනය කිරීමට උත්සාහයන් කිහිපයක් ගනිමින් සිටින ආකාරය දැකගත හැකියි.