25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorld17කට දිවි අහිමි කළ බංග්ලාදේශයේ බස් අනතුර

17කට දිවි අහිමි කළ බංග්ලාදේශයේ බස් අනතුර

නිරිතදිග බංග්ලාදේශයේ මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පොකුණකට පෙරලීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජලකාති දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුවී ඇත්තේ මගීන් 60කට වැඩි පිරිසක් රැගත් බස් රථය බන්ඩාරියා උප දිස්ත්‍රික්කයේ සිට බැරිෂාල් වෙත යමින් සිටියදීයි.

රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් පසු එය අසල තිබූ පොකුණට වැටී ඇතැයි සඳහන්.

ඊයේ පෙරවරු 9:55ට මෙම අනතුර සිදුවී ඇති අතර, රික්ෂෝවකට ඉඩ දීමේදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

කිමිදුම්කරුවන් විසින් මළ සිරුරු 17 ක් සොයාගෙන ඇති අතර, අධික මෝසම් වර්ෂාවෙන් පසුව ජලයෙන් පිරී ඇති පොකුණෙන් බස් රථය ගොඩගැනීමට දොඹකරයක් ද යොදාගෙන තිබෙනවා.

මියගිය අය අතර කාන්තාවන් අට දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව සඳහන්.

තවත් මළ සිරුරු බසය තුළ සිරවී ඇතැයි සැක කෙරෙන අතර තුවාලකරුවන් 20 දෙනෙකු ජලකති ප්‍රධාන රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. අනතුර සිදුවන විට බස් රථය තුළ මගීන් 65 දෙනෙකු සිටි බවටයි විශ්වාස කෙරෙන්නේ.