― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියා - ශ්‍රී ලංකා බෝට්ටු සේවය තවත් කල් යයි

ඉන්දියා – ශ්‍රී ලංකා බෝට්ටු සේවය තවත් කල් යයි

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇරඹීමට නියමිත මගී ප්‍රවාහන බෝට්ටු සේවය තවත් මාස 06ක පමණ කාලයක් පමා වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතරයි මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.

නාගපට්ටිනම් වාරයේ මගී පර්යන්තයක් ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් එහි වැඩකටයුතු නිම කිරීම සඳහා තවත් මාස 4 ක 5 ක කාලයක් ගත වනු ඇති බවත් එම බලධාරීන් පෙන්වා දී තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය රුපියල් කෝටි 8ක මුදලක් වෙන්කර තිබෙන බවත් එම මුදල නාගපට්ටිනම් වැනි කුඩා වරායන් නඩත්තු කරනා තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලයට අනාගතයේදී ලැබෙනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.