26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනවසීලන්ත අධිකරණ ඇමති ඉල්ලා අස්වෙයි

නවසීලන්ත අධිකරණ ඇමති ඉල්ලා අස්වෙයි

නවසීලන්ත අධිකරණ අමාත්‍යවරිය සිය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සහ අත්අඩංගුවට ගැනීමේදී ඊට විරුද්ධවීම යන චෝදනා ඇයට එල්ල වීම හේතුවෙනුයි අමාත්‍යවරිය මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ.

39 හැවිරිදි වියේ පසුවන නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන්, ‍රිය අනතුරෙන් පසු බීමත් බව පරීක්ෂා කරන ආශ්වාස ප්‍රාශ්වාස පරීක්ෂණය හරහා බීමතින් සිට ඇති බවයි තහවුරු වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කිරි ඇලන් පැය 04ක කාලයක් පොලීසිය තුළ රඳවාගෙන සිට නිදහස් කර ඇති අතර පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වෙයි.