26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටී 10ක් ජීවිතක්ෂයට

චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටී 10ක් ජීවිතක්ෂයට

ඊසානදිග චීනයේ ව්‍යායාම ශාලාවක වහලය කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී එක් අයෙකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Heilongjiang පළාතේ Qiqihar හි පිහිටි ව්‍යායාම් ශාලාවක වහලයයි ඊයේ (23) සවස් වරුවේ මෙලෙස කඩා වැටී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගලවා ගැනීමේ සේවකයින් විසින් 14 දෙනෙකු සුන්බුන්වලින් සොයා ගෙන ඇති බවත් ගිනි නිවන භටයින් 160කට ආසන්න සංඛ්‍යාවක් සහ ගිනි නිවන රථ 39ක් යොදවා සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවත්ය.