29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලාෆ් ගෑස් මිලත් ලිට්‍රෝ මිලටම බස්සන්න - ඇමති නලින්

ලාෆ් ගෑස් මිලත් ලිට්‍රෝ මිලටම බස්සන්න – ඇමති නලින්

ලිට්‍රෝ හා ලාෆ්ස් යන සමාගම් දෙකම ගෑස් සඳහා පවතින මිල සූත්‍රයට අනුව එකම මිලකට සිය ගෑස් වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඉදිරියේදී එලෙස නොකරන ආයතනවලට එරෙහිව නීතිමය කටයුතු කරන බවත් වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (22) ජා-ඇළ දඬුගම සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ලංකාවේ ගෑස් අලෙවි කිරීම සඳහා සිටිනුයේ ලිට්‍රෝ හා ලාෆ්ස් කියන සමාගම් දෙක පමණයි. පසුගිය කාලයේ ලිට්‍රෝ සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගත්තත් ලාෆ්ස් සමාගම එලෙස මිල අඩු කළේ නෑ. විවිධ සංවිධානවලින් හා පාරිභෝගික ජනතාවගෙන් මට මේ සම්බන්ධයෙන් බලපෑම් එල්ල වුණා. සමාගම් දෙකක මිල ගණන් දෙකක් වීම සම්බන්ධයෙන්. මේ සමාගම් දෙක අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් අතර වෙනස රුපියල් 708/=. එය විශාල වෙනසක්.

මම මේ වැඩි මිලට ගෑස් විකුණන සමාගම කැඳවලා සාකච්ඡා කළා. ඒ අය මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වුවා. ඉක්මනින් මේ මිල ගණන් අඩු කරලා සමාගම් දෙක ම එකම මිලකට ගෑස් අලෙවි කළ යුතුයි කියන එක මම ඒ අයට කිව්වා. ගෑස් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන මිල සූත්‍රය මේ සමාගම් දෙක ම අනුගමනය කළ යුතුයි. එසේ නොකරන්නේ නම් එම සමාගමට එරෙහිව නීතිමය කටයුතු ඉදිරියේදී සිදුකිරීමට සිදුවෙනවා. මම ලාෆ්ස් සමාගම කැඳවලා කරපු සාකච්ඡාවෙන් පසුව ඒ අය කිව්වා, ලබන 24 සඳුදා වන විට හොඳ උත්තරයක් දෙන්නම් කියලා. මගේ රාජකාරිය තමයි පාරිභෝගික ජනතාවට අඩුම මිලට ගෑස් ටික ලබා දීම.”