27 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉදිරි මාස 06 මීට වඩා දුක් විඳින්න වෙනවා - හඳුන්නෙත්ති

ඉදිරි මාස 06 මීට වඩා දුක් විඳින්න වෙනවා – හඳුන්නෙත්ති

මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ප්‍රශ්න හා ආර්ථික පීඩන අනුව ආණ්ඩුව එම ඉලක්ක හරියට ම සම්පූර්ණ කළහොත් ජනතාවට ඉදිරි මාස 6 මීටත් වඩා වැඩි පීඩන තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ජනතාව මේ වනවිට කබලෙන් ළිපට ඇද වැටී ඇති බවත් ඔවුන්ට තවදුරටත් ජීවත්වීම හැර අනෙකුත් අවශ්‍යතා ගැන සිතීමට කිසිදු ඉඩක් මේ පාලකයන් සකසා නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

මෙම ප්‍රතිපත්ති දරන පාලකයන් ගෙදර යැවීමෙන් තොරව වෙනත් විකල්පයක් නොමැති බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ ජනතාව අද රෝහලකට ගොස් එන්නතක් පවා ගැනීමට බිය වන තත්ත්වයක් ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් ආණ්ඩුවට ම අනන්‍ය වූ නරුම ගමන ඉදිරියට එලෙසම ගෙන යන බවයි.